FAST NEWS

24×7 Around the Globe

ලසන්ත ඝාතනය ගැන සෙවීම වේගවත් කරයි.

 

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් හමුදා බුද්ධිඅංශ සාමාජිකයින් 20 දෙනෙකුගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

මෙම ප‍්‍රශ්න කිරීම් සිදුකර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

මේ අතර සාක්ෂිකරුවන්ගෙන් ලැබුණු තොරතුරුවලට අනුව මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙකු චිත‍්‍රයට නගා තිබෙනවා.

කිසියම් තොරතුරක් වෙතොත් දැනුම්දීම සඳහා දුරකථන අංක දෙකක් සහ ෆැක්ස් අංක දෙකක්ද විවෘතයි.

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් හදුනා ගැනීමට පොලිසිය මහජන සහය ඉල්ලා සිටිනවා.

සාක්ෂිකරුවන්ගේ ප‍්‍රකාශ අනුව සැකකරුවන් දෙදෙනෙකු චිත‍්‍රයට නගා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසන්නේ.

මෙම චිත‍්‍ර මාධ්‍ය වෙත අද (04) නිකුත් කෙරුණු අතර පළමු සැකකරු වයස අවුරුදු 35 ක් පමණ වන්නෙක්. අනෙක් සැකකරුගේ වයස අවුරුදු 45ක් පමණ වනවා.

කිසියම් තොරතුරක් වෙතොත් ඒවා දැනුම්දීම සඳහා 071 859 17 53 සහ 071 859 17 70 යන දුරකතන අංක සහ 011 244 0 158 සහ 011 238 0 380 යන ෆැක්ස් අංක විවෘතයි.

scan0002 (1)scan0001 (1)