FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් මාධ්‍ය හමුවේ සියල්ල පාපොච්චාරණය කරයි.

එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය මෙන්ම එක්දින තරගාවලියද පරාජය වූ නමුත් නායකත්වයෙන් ඉවත් වීමේ අදහසක් තමන්ට නැතැයි ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

එංගලන්තයට එරෙහිව ඉකුත් සෙනසුරාදා කාඩීෆ්හිදී පැවැති පස්වැනි සහ අවසන් එක්දින තරගය පරාජය වීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු මැතිව්ස්ගෙන් කළ විමසීමකදී මැතිව්ස් එසේ පැවසීය.

“ඕනෑම කෙනෙකුට හොඳ කාලයක් වගේම නරක කාලයකුත් තියෙනවා,මේක නායකයෙක් වශයෙන් මටත් කණ්ඩායමටත් අසීරු කාලයක්…ඒත් එහෙම වුණා කියලා මට දාලා දුවන්න බෑ ,මට හොඳ විශ්වාසයක් තියෙනවා අපි දිනෙන් දින දියුණු වෙමින් ගියොත් මේ අගාධයෙන් ගොඩ එන්න පුළුවන් කියලා….

“පසුගිය මාස දෙකේම අපට ඒ ප්‍රශ්නය තිබුණා,පන්දුවට පහරදීම, පන්දු යැවීම නැත්නම් පන්දු රැකීමේදී වුණත් සෑම තරගයකදීම අපේ බලාපොරොත්තු කඩවුණා,එංගලන්තයට එරෙහිව තරගයක් දිනන්න නම් සෑම සියලු දේම හරියට සිද්ධවෙන දවසක් තියෙන්න ඕන, ඒත් ඒ දවස අපට උදාවුණේ නෑ,ඒ නිසා අපට පරාජය පිළිගන්න සිදුවුණා…..

“අවුරුදු කිහිපයක් ආපස්සට හැරිලා බැලුවොත් එංගලන්තය හිටියෙත් අපි අද ඉන්න තත්ත්වයේම තමා,ඒ ඔවුන් කණ්ඩායම ගොඩනැංවූ අවදියයි,ඒත් ඒ ගොල්ලන් එයාලගේ සැලසුම් වලම රැඳ හිටියා….

“ඒ විතරක් නෙමේ…ඒගොල්ලන් තෝරාගත් ක්‍රීඩකයන් එක්කම හිටියා,දැන් ඒවායේ ප්‍රතිඵල බලාගන්න පුළුවන්..ඔවුන් දැන් ඉතාමත් විශිෂ්ට ක්‍රීඩාවක යෙදෙනවා විතරක් නෙමේ එංගලන්තයේදී වගේම එංගලන්තයෙන් පිටතදීත් හොඳ දස්කම් පෙන්වනවා… යයිද මැතිව්ස් පැවසීය.

මෙම සංචාරයේදී තම ගෞරවය රැකගැනීමට ශ්‍රී ලංකා පිලට ඉතිරිවී ඇති එකම අවස්ථාව වන්නේ අද (5 වැනිදා) සදම්ටන්හිදී පැවැත්වෙන විස්සයි:20 තරගයයි.