FAST NEWS

24×7 Around the Globe

CPL -ක්‍රීස් ගෙල්ගෙන් සුපිරි ශතකයක් සංගා දෙවැනි තරගයේදීත් අසාර්ථකයි.

කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ ඊයේ (05) පැවති  07 වන තරගයේදී ට්‍රිනිබැගෝ කණ්ඩායම පරදා කඩුලු 07 සුපිරි ජයක් ලබා ගැනීම කුමාර් සංගක්කාර නියෝජනය කරන ජැමෙයිකා කණ්ඩායම සමත් වීය.

ප්‍රථමයෙන් පන්දුව පහර දුන් ට්‍රිනිබැගෝ කණ්ඩායම සිය පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 04ක් පමණක් දැවී රැස් කර ගැනීමට සමත් වීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ජැමෙයිකා කණ්ඩායම කඩුලු 03ක් පමණක් දැවී පන්දුවාර 18.02 දී සිය ඉලක්කය සපුරා ගැනමට සමත් විය.

මෙහිදි ජැමෙයිකා කණ්ඩායම වෙනුවෙන්  ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කළ නායක ක්‍රීස් ගෙල්  පන්දු 54 කදී  හයේ පහර  06ක් හා  හතරේ පහර 11 ක් සමගින් ලකුණු 108ක් නොදැවී ලබා ගනිමීන් ජය්‍රහණය කරා අඩිතාලම සැකසීය.

කුමාර් සංගක්කාර සිය දෙවැනි තරගයේදීද අසාර්ථක ඉනිමක් ක්‍රීඩා කරමීන් පන්දු 14කදී ලකුණු 20ක් පමණක් ලබා ගැනීමට සමත් වීය.

ලකුණු පුවරුව පහතින්

aaaaaaaaaaaaaaaaaaaaaaaaa asass