FAST NEWS

24×7 Around the Globe

ගෞරවය රැකගැනීමේ අවසන් අවස්ථාව අද.

එංගලන්ත පිල ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගාවලියේ 3-0 ක ජයක් ලැබිමත් සමග අයි.සී.සී. එක්දින වර්ගීකරණයේ පස්වැනි තැනට පත් වූ අතර ශ්‍රී ලංකාව තවත් එක් ස්ථානයක් පසුපසට යමින් හයවැනි ස්ථානය ලැබ ඇත. යම් ලෙසකින් ශ්‍රී ලංකා පිල අවසන් එක්දින තරගය ජය ගත්තේ නම් පස්වැනි ස්ථානය තවදුරටත් රැක ගැනීමට තිබුණද, එංගලන්තය එම තරගය පහසු ලකුණු 122 ක ජයක් ලැබිමත් සමග ශ්‍රී ලංකා පි‍ලේ බලා‍පොරොත්තු සුන් වී ගියේ ය.

කෙසේ වුවත් ශ්‍රී ලංකා පිල අද (5) එංගලන්ත සංචාරයේ සහභාගිවන එකම ඕවර විස්ස – 20 තරගයට සදර්න්ටන්හි දී ආරම්භ වීමට නියමිත අතර එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.00 ට ඇරඹීමට නියමිතය.
එක් දින තරගාවලියේ පරාජයෙන් පසුව මැතිව්ස් පැවසුවේ මේ අවස්ථාවේ දී නායකත්වයෙන් ඉවත්වීමේ කිසිම අදහසක් නැති බවයි. ශ්‍රී ලංකා පිල මේ වෙලාවේ වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ඒමට සියලු දෙනා එක්විය යුතු බවද පෙන්වා දෙයි. ඕනෑම ක්‍රීඩකයකුට වගේම කණ්ඩායමකට හොඳ වගේම නරක කාලයක් එනවා. මේ වෙලාවේ ශ්‍රී ලංකා පිලට නරක කාලයක් තියෙන්නේ. මෙවැනි තත්ත්වයන්ට මුහුණ දී එම තත්ත්වයෙන් ගොඩ ඒමට උත්සාහ ගත යුතුයි. මම දන්නවා මට හොඳ ක්‍රීඩකයන් පිරිසක් ඉන්නවා. ඔවුන් දිනෙන් දින දක්ෂතා අතරට පැමිණ ඉක්මනින් ජයග්‍රාහී මානසිකත්වය ගොඩනගා ගනීවි” යැයි මැතිව්ස් පවසයි.

ඇත්තටම එංගලන්ත පිල අපට වඩා තුන් ඉරියව් දක්ෂතා අතර ඉදිරියෙන් සිට අපට ලොකු පීඩනයක් එල්ල කළා. ඔවුන්ගේ දක්ෂතා ගැන අපි අවංකව ඔවුන්ට සුබපතනවා.” යැයි මැතිව්ස් පැවසීය.
මීට වසර කීපයකට පෙර එංගලන්තය ද අපේ පිල වගේ තත්ත්වයක සිටියා. ඒත් අද වන විට ඔවුන් ලොකු ප්‍රගතියක් ලබා තිබෙනවා. පසුගිය මාස 6 තුළ ඔවුන් ඉතා හොඳින් ක්‍රීඩාවට අවතීර්ණ වී සිටිනවා. මේ නිසා ශ්‍රී ලංකා පිලද කෙසේ හෝ මේ වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ඒමට සිතාගත යුතු බව මැතිව්ස් පෙන්වා දෙන අතරේ මේ සඳහා ‍‍‍ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් මුල්තැන ගත යුතු බවත්, තරුණ ක්‍රීඩකයන් ඒ වටා එක්ව දක්ෂතා අතරට පැමිණිය යුතු බවත් පවසයි.