ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් අද පෙරවරුවේ මාතර සුරාබදු අධිකාරි කාර්යාලය විවෘත කල පසු එහි තිබූ නව සිරමරුදියද විවෘත කලේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු එතුලට දමා දොර වසා දමිමිනි.
ඇමති දයාසිරි ජයසේකර, දකුණු මහ ඇමති ශාන් විජේලාල් සිල්වා, ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මන්ත‍්‍රී බුද්ධික පතිරණ, පළාත් සභා මන්ත්‍රී පසද යාපා අබේවර්ධන ඇතුළු පිරිසක් එසේ ජනාධිපතිවරයා විසින් තාවකාලිකව සිර මැදිරියට දමා දොර වසන ලදී.









