FAST NEWS

24×7 Around the Globe

ජෝන් අමරතුංග විපක්ෂ අතීතය මතක් කරයි.

පහුගිය සමයේ ලංකාවේ වඩාත්ම කතාබහට ලක්වුණ දේශපාලකයා වුණේ ජෝන් අමරතුංග මහතා ඔබට මතක ඇති.

වරක් වත්තල ප්‍රදේශයේ ඇවිදින මං තීරුවක් බලහත්කාරයෙන් කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් ජෝන් ඇමතිතුමා සම්බන්ධව සමාජයේ දැඩි කතා බහක් ඇති වූ අතරම පසුගිය දවසක ” සුදුසුකම් නොමැති අය වාහන මිල දී ගන්නවා එම නිසා වාහන මිල වැඩි කරනවා” ලෙස ඇමතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජයේ,මාධ්‍යයන් තුළ මෙන්ම සමාජ ජාලා වෙබ් අඩවි තුළ ද රසකතා බොහොමයක් නිර්මාණය වුණා.

පහුගිය දවසක ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය මගින් ආරම්භ කළ පොලොන්නරුව ශිල්පීය පුහුණු පාඨමාලාවේ සමාරම්භක අවස්ථාවට සහභාගී වූ ජෝන් අමරතුංග මහතා, ඒකාබද්ධ විපක්ෂයේ ජාතික ව්‍යාපරය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට අපූරු පිලිතුරක් ලබා දී තිබුණා.

“අපිත් විපක්ෂයේ ඉන්නකාලේ කරපු දේවල් තමා ඔය. එහෙම තමයි විපක්ෂයක් වුණාම. කරන්නම දෙයක් නැති වුණාම කරන දේවල්. අපිත් ඒ කාලේ එහෙම තමයි. ආණ්ඩුව කරන කරන දේවල් වලට එරෙහිව එක එක දේවල් අපිත් කෙරුවා ඒ කාලේ. විපක්ෂයක වුණාම නිකං ඉන්නත් බෑනෙ ඉතින්” ජෝන් ඇමතිතුමා මේ සම්බන්ධයෙන් කිවේ අන්න එහෙමයි.