FAST NEWS

24×7 Around the Globe

සංගක්කාර දේශපාලනයට?

එළඹෙන ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර ටෙස්ට් දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වෙත දන්වා තිබේ.
ඒ අනුව ඔහු පකිස්ථානය සමග පැවැත්වෙන පළමු සහ දෙවන ටෙස්ට් තරග දෙකට ක්‍රීඩා කරනු ඇති.

2000 වසරේ ජූලි මස 20 වැනිදා දකුණු අප්‍රිකාව අතර ගාල්ලේ පැවැති ටෙස්ට් තරඟයෙන් සිය ටේස්ට් තරග ඇරඹූ සංගක්කාර ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සිය ටෙස්ට් දිවියට අවසානය ලබාදෙනු ඇති.

ඩොනල් බ්‍රැඩ්මන්ට පමණක් දෙවැනි වූ සංගා මේ වන විට ටෙස්ට් පිටියේ ද්විත්ව ශතක 11ක් ලබාගෙන ඇත.

ටෙස්ට් තරඟ 130කට ක්‍රීඩා කර ඇති සංගා ලකුණු 12203ක් සමගින් ශතක 38ක් වාර්තා කර තිබේ.

මේ ඔබ කවුරුත් මේ වන විට දන්නා පුවත වුවත් හිටි හැටියේ සංගක්කාර ක්‍රීඩාවෙන් සමුගැනීම තුල ඔහු දේශපාලනයට පිවිසීමක් පිළිබද කසුකුසවක් මේවනවිට නිර්මාණය වී තිබේ .
එමෙන්ම වෙබ් අඩවි හරහා ඔහු එජාපයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට හෝ මහනුවර දිස්ත්‍රික්කය සදහා තරග කරන බවටද ප්‍රචාරය කර තිබුනි.

එමෙන්ම sanga for politics යනුවෙන් fb පිටු නිරමාණය වීමද මේ දින වල සුලබ දෙයක් බවට පත්ව ඇත.

නමුත් මෙහි කරුණු  සනාථ නොවීමේ පසුබිමක් තුල වගකිවයුතු මාධ්‍ය ආයතනයක් විදියට අප මෙතෙක් මෙය සනාථ නොකරන අතර මේ පිළිබද ඉදිරියේදී කරුණු සොයා ඔබ හට මෙහි සත්‍ය අසත්‍යතාව හෙලිකරන්නෙමු.