FAST NEWS

24×7 Around the Globe

දේශපාලන බලවේගයේ ප‍්‍රධාන අරමුණ බැසිල් පහදයි.

දේශීය යහපාලන යාන්ත‍්‍රණයක් හරහා පුරවැසි බලය ශක්තිමත් කිරීම සහ ග‍්‍රාම රාජ්‍ය දක්වා බලය බෙදාහැරීම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් බිහි වන දේශපාලන බලවේගයේ ප‍්‍රධාන අරමුණ බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

”පුරවැසි බලය ශක්තිමත් කිරීම, ග‍්‍රාම රාජ්‍ය දක්වා බලය බෙදීම, ශ‍්‍රී ලංකාව රටක් ලෙස ලෝකයේ ඉහළ තැනකට ඔසවා තැබීම සහ දේශීය යහපාලනයක් ක‍්‍රියාත්මක කිරීම සඳහා රජය විසින් අවම අත පෙවීමක් කරමින් පුරවැසියාට බලය ලබා දෙමින් ගමට ගෙන යාම නව බලවේගයේ ප‍්‍රතිපත්ති ලෙස දැක්විය හැකියි” යයි බැසිල් රාජපක්ෂ මහතා කීය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කැඞී යාමක් හෝ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට විකල්පයක් ලෙස නොව ඉදිරි මැතිවරණයේ දී ජනතා බලය ගොඩනගමින් මෙකී දේශපාලන ව්‍යාපාරය ජාතික බලවේගය බවට පත් කෙරෙන බව ද බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.