FAST NEWS

24×7 Around the Globe

ඉදිරි පෙරහැර මංගල්‍යය කටයුතු සඳහා පින්නවලින් හීලෑ අලි 06ක්.

ඉදිරි පෙරහැර මංගල්‍යය කටයුතු සඳහා පින්නවලින් හීලෑ අලි 06 දෙනෙකු ලබාදීමට තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍යාංශය තීරණය කර තිබේ.

විෂයභාර අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසන්නේ නිලමේවරුන්ගේ සංගමය සහ හීලෑ අලි ඇතුන්ගේ සංගමයේ සාමාජිකයින් සමග පසුගියදා පැවැති සාකච්ඡාවකදී අලි 05 දෙනෙකු ලබා දෙන ලෙසට ඉල්ලීම් සිදු කළ බවයි.

එම ඉල්ලීම සලකා බලමින් පින්නවල සිටින හිලෑ අලි 06 දෙනෙකු පුහුණුකර මෙවර දළාදා පෙරහැරට සහ අනෙකුත් සිද්ධස්ථානවල පැවැත්වෙන පෙරහැර සඳහා ලබාදීමට අමාත්‍යවරයා තීරණය කර තිබේ.

ඒ අනුව මේ වන විට හීලෑ අලි ඇතුන් 80ට අධික සංඛ්‍යාවක් සිටින බැවින් එම සංඛ්‍යාව ප්‍රධාන පෙරහැර මංගල්‍යන් සඳහා ප්‍රමාණවත් බව ගාමිණි ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා පෙන්වාදෙයි.