FAST NEWS

24×7 Around the Globe

තරගාවලිය පැරදුනත් එංගලන්තය අභිබවා යෑමට ශ්‍රී ලංකාවට වරමක්.

සංචාරක ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලිය ජය ගැනිමට මේ වනවිටත් සමත්ව සිටින එංගලන්ත කණ්ඩායමට අයි.සී.සී එක්දින දර්ශකයේ පස් වන ස්ථානය හිමීව තිබේ.

තරග 5 කින් යුත් එංගලන්ත ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ පසුගියදා පැවති 4 වන තරගයෙන් අනතුරුව එංගලන්ත කණ්ඩායම 2 ට බින්දුවක් ලෙස තරගාවලි ජයග්‍රහණය සිය කණ්ඩායම සතු කර ගැනීම ඊට හේතු විය.

මේ අවස්ථාව වන විට දෙපිලම අයි.සී.සී එක්දින දර්ශකයේ ලකුණු 104 බැගින් ලබා සිටියද  එම දර්ශකයේ 05වන හා 06 වන ස්ථාන පිළිවෙලින් හිමීව ඇත්තේ එංගලන්ත හා ශ්‍රී ලංකා කණ්ඩායම්වලටය.

කෙසේ වෙතත් හෙට (02) එංගලන්තයේ කාඩිෆ්  ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමීත 05 වන හා අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව කණ්ඩායම ජය ගතහොත් එංගලන්තය නැවත දර්ශකයේ 6 වන ස්ථානයට පත්වන  අතර, ශ්‍රී ලංකාවට පස්වන ස්ථානය හිමි වේ.

ccccccccccccccccccccccccccccc