FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපතිගෙන් දුක් ගැනවිල්ලක්.

තමාට තවමත් නිල නිවස, වෙඩි නොවදින මෝටර් රථය හෝ වාහනයට ටයර් ටික හෝ රජයෙන් ලබාදී නැති බව හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‌ෂ මහතා ඊයේ පුවත්පතකට පවසා තිබේ.

මේ කරුණ පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ අවධානය යොමුවී ඇතැයි තමන් විශ්වාස කරන බවද හෙතෙම කීය. මහින්ද රාජපක්‌ෂ මහතාගේ කැඩුණු ජීප් රථය තවමත් අලුත්වැඩියා කර නොමැති බවත් මේවා ප්‍රමාද වන්නේ මන්දැයි සිතාගත නොහැකි බවත් පැවැසීය.