FAST NEWS

24×7 Around the Globe

ආයුර්වේද වෛද්‍යවරිය අනියම් ප්‍රේමවන්තයා සමග සිටියදී මට්ටු..

වෛද්‍යවරියක්‌ ලෙස වෘත්තියේ යෙදෙන කාන්තාවක්‌ සිය සැමියා හා දෙවන පෙම්වතා අතහැර තුන්වැනි වරට පෙම් සබඳතාවයක්‌ පවත්වාගෙන ගිය අතර ඇය මෑතකදී සොයාගත් අනියම් ප්‍රේමවන්තයා සමග කළුතර නගරයේ සැරිසරමින් සිටියදී සැමියාගේ හා ඇයගේ දියණියගේ අතටම හසුවීමේ සිද්ධියක්‌ කළුතර නගරයන් වාර්තා වේ .

මෙම කාන්තාවගේ දියණියද නීති විද්‍යාලයේ ඉගෙනුම ලබන යෞවන වයසේ පසුවන රූමත් තරුණියකි. පොලිසියේ කැඳවීම අනුව මෙම දියණිය ද පියා ද කාන්තාව ද ඇයගේ දෙවැනි හා තෙවැනි පෙම්වතුන් පොලිසියට පැමිණ සිටි අයුරු දක්‌නට ලැබුණු අතර වෛද්‍යවරිය යෑයි කියාගන්නා කාන්තාවගේ සැමියාගේ මව්පියන්ද පොලිසියට පැමිණ සිටි අතර මෙහිදී තම මවගේ ක්‍රියාකලාපය නිසා ලැඡ්ජාවට පත් වී සිටි දියණිය කඳුළු සලමින් හඬා වැළපෙන අයුරුද දක්‌නට ලැබිණි.

කළුතර දකුණ පොලිසියේ කාන්තා කාර්යාංශ ස්‌ථානාධිපතිනි පොලිස්‌ පරීක්‍ෂිකා සංජීවනී පතිරණ මහත්මිය අදාළ ප්‍රකාශ පොලිස්‌ පොතේ සටහන් කිරීමට පියවර ගැනුණ අතර සිවිල් අධිකරණය මගින් ප්‍රශ්නයට විසඳුම් ලබාගන්නා ලෙස පාර්ශ්ව දෙකටම එහිදී උපදෙස්‌ දෙනු ලැබීය.