FAST NEWS

24×7 Around the Globe

දඟ පන්දු යවන ජෙෆ්රි වෙන්ඩර්සේ පාකිස්තානය අසරණ කරයි.

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග ඊයේ (11)ආරම්භ වූ තුන්දින පුහුණු තරගයේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ කණ්ඩායමේ දග පන්දු යවන්නන් දක්‍ෂතා දැක්වීමට සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට පාකිස්තානය තීරණය කළා.

පාකිස්තානය සිය පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී රැස් කළේ ලකුණු 247 ක් පමණයි. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අහමඞ් ශෙෂාඞ් ලකුණු 82 යි. යුනිස් ඛාන් ලකුණු 64 ක් රැස් කළා.

කෙසේවෙතත් සෙසු පිතිකරුවන්ට සාර්ථකවීමට ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ. දක්‍ෂ පන්දු යැවීමක නිරත වූ දග පන්දු යවන ජෙෆ්රි වෙන්ඩර්සේ කඩුලූ 5 ක් බිද හෙලූවා. මිලින්ද සිරිවර්ධන කඩුලූ 2 ක් දැවී ගැනීමට සමත් වුණා.

දිනය නිමාවන විට සිය ප‍්‍රථම ඉනිම කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 44ක් රැස්කර ගෙන සිටියා.