FAST NEWS

24×7 Around the Globe

ජ’පුර විශ්වවිද්‍යාලයේ වසර දෙකක සිසුන් තාවකාලිකව ඉවතට.

 

සිසුන් අතර ගැටුමකින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පීඨ දෙකකට අයත් වසර දෙකක සිසුන්ට තාවකාලිකව විශ්වවිද්‍යාලයෙන් ඉවත් වන ලෙස දැනුම් දී තිබේ.

එහි පාලනාධිකාරිය සඳහන් කළේ, කළමනාකරණ පීඨයේ 3 වන වසරේ සහ මානව ශාස්ත්‍ර පීඨයේ 4 වන වසරේ සිසුන්ට එය බලපැවැත්වෙන බව ය.

ඊට අදාළ සිසුන් වහාම ක්‍රියාත්මක වන පරිදි නේවාසිකාගාරවලින් ද ඉවත් විය යුතු බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කළේ ය.