සිසුන් අතර ගැටුමකින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පීඨ දෙකකට අයත් වසර දෙකක සිසුන්ට තාවකාලිකව විශ්වවිද්‍යාලයෙන් ඉවත් වන ලෙස දැනුම් දී තිබේ.
එහි පාලනාධිකාරිය සඳහන් කළේ, කළමනාකරණ පීඨයේ 3 වන වසරේ සහ මානව ශාස්ත්‍ර පීඨයේ 4 වන වසරේ සිසුන්ට එය බලපැවැත්වෙන බව ය.
ඊට අදාළ සිසුන් වහාම ක්‍රියාත්මක වන පරිදි නේවාසිකාගාරවලින් ද ඉවත් විය යුතු බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කළේ ය.







