දිනක්ෂිගෙන් අසපු ප්‍රශ්න කිහිපයක මෙන්න මේ ආකාරයටයි ඇය පිළිතුරු දීල තිබුනේ
1. ඔබේ අලුත්ම චිත්‍රපටය ගැන යමක් කිව්වොත් ?
ඒක ඇත්තටම මගේ ජීවිතේ කඩඉමක්. මොකද මම පළවෙනි වතාවට තමයි චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් රගපෑවේ.
2.ඔබ දැන් කි පාරක් දෙවෙනි මනමාලි වුනාද ?
(සිනා සෙමින්) ඒක ඉතිං හැමෝම අහන ප්‍රශ්නයක්. 15ක් 16 විතර ඇති.
3. ලංකාවේ සරාගී නළුවෙක් නම් කරන්න කිව්වොත් ඒ කවුද ?
ගාමිණී ෆොන්සේකා. මෑත කාලයේ නම් හේමාල් රණසිංහ
4. ඒ සරාගී නළුවා ඔබට විවාහ යෝජනාවක් ගෙනාවොත් ඔබ මොකද කරන්නේ ?
හේමාල් නම් ඉතිං හොදයි. මං හිතලා බලනවා.
5. මේ අතරින් ඔබ මේ අයට දෙන කෙටි අවවාදය බැගින් කියන්න මහේෂි , නෙතු, උපේක්ෂා
මහේෂි – චරිත තෝරා බේරා ගන්නවා නම් හොදයි.
නෙතූ – රංගන දක්ෂතාවයෙන් ප්‍ර යෝජනයක් අරගෙන නැහැ.
උපේක්ෂා – ඉන්න විදිහටම ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ.
6. ලංකාවේ සරාගී නිළිය ?
සබීතා පෙරේරා
7.ඔබ කොටට අඳින්නේ ඇයි ?
මට ඕන නිසා
8. ඔබ උදේ නැගිටිනකොට දීපිකා පදුකෝන් වෙලා හිටියොත් මොකද කරන්නේ ?
මම දීපිකා පදුකෝන්ට ආසයි. මම හිතන දේවල් එයා කියනවා.
9. දෙවන මනමාලි කවද්ද පලවෙනි මනමාලි වෙන්නේ
ඒක අමාරු ප්‍රශ්නයක් නෙමේ. ළගපාත පේන දුරක නැහැ.









