FAST NEWS

24×7 Around the Globe

මේද ඉවත් කර ගැනීම සැත්කම නිසා තෙලඟු නිළිය මිය යයි.

ඉන්දීය රංගන ශිල්පිනියක වන ආර්ති අග්‍රවාල් රූපලාවන්‍ය සැත්කමකින් පසු ඇති වූ ශාරීරික ව්‍යාකූලතා හේතුවෙන් මියගොස් තිඛෙනවා. එන්.ඩී.ටී.වී. රූපවාහිනිය පවසන්නේ සිරුරේ අතිරේක මේද ඉවත් කර ගැනීම සඳහා මීට මාසයකට පමණ පෙර අමෙරිකාවේදී ඇය මෙම සැත්කම සිදු කරගෙන ඇති බවයි.
අමෙරිකාවේ නිව් ජර්සි ප්‍රදේයේ උපන් ආර්ති අග්‍රවාල් මිය යන විට 31 වැනි වියේ පසු වුණා. ඇය රංගන ශිල්පිනියන් ලෙස ඉන්දීය සිනමාවට පිවිසියේ 16 වැනි වියේදීයි. එතැන් මේ දක්වා ඇය දමිල සහ තෙලඟු චිත්‍රපට 25කට වැඩි සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී තිඛෙනවා.