FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකානු රාජ්‍ය සේවක දත්තවලට චීන සයිබර් ප්‍රහාරයක්.

ඇමෙරිකානු රජයේ සේවකයන් මිලියන 4කගේ පෞද්ගලික දත්ත විශාල ප්‍රමාණයක් චීන පරිගණක හැකර්වරුන්ගේ සයිබර් ප්‍රහාරයට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඇමෙරිකානු සේවක කළමනාකරණ ආයතනය පවසා සිටියේ එරට රාජ්‍ය සේවයේ නියුතු හා නියුතුව සිටි සේවකයන් විශාල පිරිසකගේ දත්ත මෙසේ හැකර්වරු අතට පත්ව ඇති බවයි.

මෙම පරිගණක හැකර් ප්‍රහාරය ඇමෙරිකාවේ සෑම ෆෙඩරල් ඒජන්සියක් කෙරෙහිම බලපෑම් කළ හැකි බවද කියැවෙයි.

ඇමෙරිකානු බලධාරීන්ට අනුව මෙම හැකර්වරු චීනය කේන්ද්‍ර කරගෙන රැඳෙමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පැවසුණත්, බීජිං නුවර ඊට ප්‍රතිචාර දක්වමින් පවසන්නේ එය විශ්වාස කළ නොහැකි චෝදනාවක් බවයි.