FAST NEWS

24×7 Around the Globe

සෙමී ෆයිනල් දිනන්න කොදෙව්වන්ට ඉන්දියාව දුන්න අල්ලස ගැන විචාරකයින්ගේ හෙළිදරව්ව මෙන්න.

2016 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද (31දා) රාත්‍රී ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතය.

එවැනි තත්ත්වයක් තුළ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් කොදෙව් කණ්ඩායමට මේ වන විට ටෙස්ට් තරග හතරක් ලබා දී ඇති බවද එම තරගාවලිය ජුලි හා අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත බවත් ක්‍රීඩා වාර්තා සඳහන් කරයි.

තරගාවලිය කොදෙව්හි පැවැත්වීමට නියමිත අතර ඉන්දියාව සමග ටෙස්ට් තරග හතරක් පැවැත්වීම යනු කොදෙව්වන්ට විශාල මුදල් කන්දරාවක් රැස්කර ගැනීමට අවස්ථාවක් වන බවද එම වාර්තා පවසයි.

2014 වසරේදී කොදෙව් කණ්ඩායම ඉන්දියාවේ කළ තරග සංචාරයේදි කොදෙව් ක්‍රිකට් ආයතනය හා ඇතිකරගත් ගැටලුවක් හේතුවෙන් ඉන්දියාව හා පැවැති ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීම කොදෙව් ක්‍රීඩකයෝ ප්‍රතික්ෂේප කරනු ලැබුහ.

කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලියක තීරණාත්මක තරගයක් අභියස ඉන්දීය කණ්ඩායම විසින් කොදෙව්වන්ට දුන් මෙම තරග සංචාරය ‘අල්ලස්’ වශයෙන් හැදින්විය හැකි බවයි ක්‍රීකට් විචාරකයෝ එම කරණු කාරණා මත පදනම්ව අවධාරණය කරති.

ක්‍රිකට් වලින් බලවත්ම රට ඉන්දියාව වන ඉන්දියාව බවත් එමෙන්ම ඉන්දියාව ක්‍රිකට් ක්‍රඩාව හසුරන අයුරු ලොවට පැහැදිලි කෙරෙන එක් අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකි බවද ඔවුහු වැඩිදුරටත් පවසති.