FAST NEWS

24×7 Around the Globe

මහේල ජයවර්ධන ක්‍රිස් ගෙල් සමග අලුත් වැඩකට එංගලන්තයට.

එංගලන්ත පළමු පෙළ තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ගිවිසුම්ගතව ඇති බව විදෙස් ක්‍රීඩා වාර්තා සඳහන් කරයි.

සමර්සෙට් කණ්ඩායමට ක්‍රිස් ගේල්ද ක්‍රීඩා කරනු ලබයි. “ක්‍රීඩකයෙක්ගේ පළපුරුද්ද හා ඔහුගේ දක්ශතා විවෘතනම් ඔවුන් ඔබ ගත යුතුයි. මහේල පිටියේ සෑම පැත්තකටම පහර එල්ල කර ලකුණු රැස්කරන ක්‍රීඩකයෙක්. ඔහු පිටියේදි හා ඉන්පිටදී අපිට බලපෑමක් ඇති කරාවි” යැයි සමර්සෙට් අධ්‍යක්ෂ මැට් මේනාර්ඩ් සඳහන් කර ඇති බව එම වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.

පළමු පෙළ තරගාවලියේදි මහේල සමර්සෙට් කණ්ඩායම වෙනුවෙන් විස්සයි20 තරගාවලියේදී සිය දායකත්වය ලබාදීමට නියමිත බව පැවසේ.