FAST NEWS

24×7 Around the Globe

නවසීලන්ත පරදා එංගලන්තය T20 කුසලානයට සමීප වෙයි.

හයවැනි විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (30දා) රාත්‍රියේ පැවැති පළමු අවසන් පූර්ව තරගයෙන්  නවසීලන්ත කණ්ඩායම කඩුලු 07 කින් පරාජය කරඅවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

එංගලන්තය විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ දෙවැනි අවස්ථාව මෙය වේ.

ඔවුන් මීට පෙර බටහිර ඉන්දීය කොදෙව්හිදී 2010 වසරේ පැවැති තෙවැනි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය.

නවසීලන්තය පළමු වටයේ තරග හතරම ජය ලැබුවද, සුපුරුදු පරිදි මෙවරද අවසන් පූර්ව තරගයෙන් අවාසනාවන්ත ලෙස තරගාවලියෙන් ඉවතට විසිවිය.

එංගලන්ත පිතිකරුවෝ ලකුණු 154 ක ජයග්‍රාහී ඉලක්කයපන්දුවාර 17.1 කදී කඩුලු03 ක් පමණ් දැවී සම්පූර්ණ කළහ.

එංගලන්ත කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී ලකුණු 153 ක් රැස්කිරීමට සමත්විය.

download (1) download