FAST NEWS

24×7 Around the Globe

නරේන්ද්‍ර මෝඩි ලොව දරුණුම අපරාධකරුවන්ගේ ලැයිස්තුවට.

ගූගල් සෙවුම් ප්‍රතිඵලයක් ලෙස ලොව දරුණුම අපරාධ කරුවන් දස දෙනා අතරට ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩිගේ නම දිස්වී තිබේ. පසුව මෙය අන්තර්ජාලය ඔස්සේ කතාබහට ලක්වීමත් සමග ගූගල් සමාගම විසින් ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩිගෙන් සමාව ඉල්ලා ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ගූගල් සමාගම ඇති වූ අපහසුතාව වෙනුවෙන් සමාව ඉල්ලන අතර කියා සිටියේ ඇතැම් අවස්ථා වල අන්තර්ජාලය තුල යමක් සම්බන්ධයෙන් කරුණු සොයන විට අසන ප්‍රශ්නයට අදාළ නොවන පින්තූර සෙවුම් ප්‍රතිඵල ලෙස ලබා දීමට ඉඩ ඇති බවයි.

අගමැති නරේන්ද්‍ර මොඩිගේ ඡායාරූපය දිස්ව තිබෙන්නේ ඔසාමා බින්ලාඩන්, 1993 මුම්බායි බෝම්බ ප්‍රහාරය සිදු කල සැක කරු දාවුද් ඊබ්‍රාහිම් යන පුද්ගලයන්ගේ ඡායාරූප සමගයි.

 

1433334862-187