FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකානුවන් ඉදිරියෙත් පසු බසිති.

2016 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය ලෙස දිල්ලිහි ෆෙරෝෂ් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේදී ඊයේ (28දා) රාත්‍රියේ පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර කඩුලු 8 ක පහසු ජයක් ලැබීමට දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 121 ක ජයග‍්‍රාහී ඉලක්කය දකුණු අප‍්‍රිකානු කණ්ඩායම පන්දුවාර 17.4 කදී කඩුලු 2 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.

නායක ඇන්ජලෝ මැතිව්ස් එංගලන්තයට එරෙහි තරගයේදී ආබාධයකට ලක්වීම නිසා ඊයේ තරගයට ක්‍රීඩා නොකළ අතර නායකයා ලෙස උප නායක දිනේෂ් චන්දිමාල් කටයුතු කළේය.

ඊට අමතරව ආබාධයක් හේතුවෙන් දුෂ්මන්ත චමීරද විවේක ගන්වා තිබූ අතර, ඔහු වෙනුවට සුරංග ලක්මාල් කැඳවීය.

තරගයේ වීරයා ලෙස ආරොන් පැන්ගිසෝ සම්මාන දිනාගත්තේය.

ලකුණු පුවරුව පහතින්.

1 ooo