FAST NEWS

24×7 Around the Globe

මැතිව්ස් සහ එංගලන්ත පරාජය ගැන මහේල ඉන්දියාවේදී කියු කතාව මෙන්න.

ශ්‍රී ලංකා පිල එංගලන්තයට ලකුණු 10 කින් පරාජය වුවද, මෙම තරගයේ දී සටන් කළ අයුරු ඉතා විශිෂ්ට බව හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පවසයි.

ඇත්තටම නායක ඇන්ජලෝ මැතිව්ස් තරගය ඉතා හොඳින් පාලනය කළා. කඩුලු 4 ක් ලකුණු 15 කදී බිඳවැටී ඇති විටෙක මැතිව්ස්ගේ ක්‍රීඩා විලාසය ඉතා හොඳින් ප්‍රදර්ශනය කළා. ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමේදී ජයග්‍රහණයට ආසන්නව තරගය නිමා කළේ. විශේෂයෙන් මෙම තරගයට ශ්‍රී ලංකා පිල අමතර පිතිකරුවෙක් සමගයි ක්‍රීඩා කළේ.

ඔවුන් දඟ පන්දු යවන්නන් දෙදෙනෙක් ගෙන ඒ සැලසුම ක්‍රියාත්මක කළා. කොහොම වුණත් අවසන් ෆවර් ප්‍ලේ මොහොත වන විට මුල්පෙළේ පන්දු යවන්නන්ගෙන් සේවය ගන්න බැරිවුණා. ඔවුන් මුලින් යොදා ගත් අවශ්‍ය කඩුලු ගන්තත් බැරි වුණා. මේ තුළ එංගලන්ත පිල ඉදිරියට ආවා. කොහොම වුණත් ඇන්ජලෝගේ ප්‍රයත්නය අගය කළ යුතුයි. ශ්‍රී ලංකා පිල යම්කිසි ලෙසකට මේ මොහොතේ ගොඩනගා ගැනීමේදී මෙලෙසවත් සටන්කාමී බව ප්‍රදර්ශනය කිරීම අගය කළ යුතු යැයි මහේල  කණ්ඩායමට  තම සතුට පළ කළේ ය. මෙවර මහේල ලෝක කුසලානය අතරතුර රූපවාහිනි ක්‍රිකට් විචාරකයකු ලෙස ඉන්දියාවේ දී කටයුතු කරයි.