FAST NEWS

24×7 Around the Globe

ඉන්දීයාව ලෝක කුසලාන අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබයි.

පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ(27) පැවැති තවත් තරගයකින් ඔස්ට්‍රේලියාව පරදා කඩුලු 06ක ජයක් හිමි කර ගැනීමට ඉන්දියාව සමත් වුණි.

ඒ අනුව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීමට ඉන්දියාව සමත් වුණි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අතර ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් පමණක් බිඳවැටී ලකුණු 160ක් ලබා ගත්තේය.

එහිදී ඇරෝන් පින්ච් ලකුණු 43 ක් සහ ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 31 ක් ලබා ගැනීමට සමත් වුණි.

ජයග්‍රාහී ඉලක්කය හඹාගිය ඉන්දියානු කණ්ඩායම පන්දුවාර 19 යි එක් පන්දුවක් අවසානයේ ලකුණු 161 ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළේය.

එහිදී විශේෂ පිති හරඹයක නිරත  වූ විරාට් කෝලි පන්දු 51 ක් තුළ හතරේ පහර 09ක් සහ හයේ පහර දෙකක් සමඟින් ලකුණු 82ක් ලබා ගැනීමට සමත් වුණි.