ක්‍රිකට් පිටියේ කාලකින් දැකීමට ලැබෙන තියුණු තරගයන් ඊයේ පවැත්වුණා. ඒ ඉන්දීය කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතරයි. තරගයෙන් ඉන්දීය කණ්ඩායම ජය ලැබුවේ ක්‍රිකට් පිටියේ ඔවුන් සතු පළපුරුද්ද හා ඉන්දීය නායක මහේන්ද්‍ර සිංගේ සුපිරි සැලසුම් හේතුවෙන්.
ලකුණු 147ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 145ට සීමා කිරිමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා.තරගයේ ජයග්රශණය සඳහා බංග්ලාදේශ කණ්ඩායමට අවසන් පන්දුවාරයට ලකුණු 11ක අවශ්‍යතාවක් තිබුණා.
ඒ වන විට බංග්ලාදේශ කණ්ඩායමේ පළපුරුදුම පිතිකරුවන් යුගයක් වශයෙන් හැදින්විය හැකි මුෂ්ටෆිසුර් රෙහෙමාන් හා මහමදුල්ලා පිතිකරණයේ යෙදමින් සිටියා.
පාණ්ඩ්යාෙග් පළමු පන්දු තුනට හතරේ පහර දෙකක් සමගින් ලකුණු 9ක් රැස්කරමින් තරගය බංග්ලාදේශ දෙසට ගැනීමට රෙහෙමාන් හා මහමදුල්ලා සමත්වුවත් ඊළග පන්දු දෙකේදී ඔවුන් දෙදෙනා ක්‍රීඩාගාරයට හරහා යැවීමට පාණ්ඩ්‍යා සමත්වුණා.
අවසන් පන්දුවේදී ලකුණු 2ක් රැස්කළ යුතු වුණා. ඒ වන විට ඉන්දීය කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් එක්ව සැලසුමක් දියත් කළා.
ඒ අනුව පාණ්ඩ්යාෙග් අවසන් පන්දුව ඔහු සුවගටාට යොමු කළේ පිටඉන්නට මදක් ඈත්න් වයිඩ් සීමාවට ආසන්නයෙනි. එයට ලකුණු ලබාගැනීමට බංග්ලාදේශයට නොහැකි වූ අතර මුෂ්ටෆිසූර් රෙහෙමාන් දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමටත් ඉන්දීය කණ්ඩායම සමත්වුණා.
අවසන් පන්දුවේදී සිය සැලැසුම පිළිබඳව අදහස් දැක්වූ දෝනි පැවැසුවේ වයිඩ් සීමාව ආසන්නයෙන් පන්දුව යොමු කරන ලෙස තමන් පාණ්ඩ්‍යාට උපදෙස් දුන් බවත් එය මැනවින් පාණ්ඩ්‍යා සිදුකළ බවත්ය. මේ සියල්ල සිදුවීමට විනාඩි 10කට ආසන්න කාලයක් ගතවිය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.