FAST NEWS

24×7 Around the Globe

1996 යේ මුදල් – අද මුදල් හා ශ්‍රී ලංකාවේ ක්‍රීකට් ගැන අර්ජුන රහසක් හෙළි කරයි.

96 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමේ රහස මුදලට වඩා රට ගැන සිතා ක්‍රීඩාකිරීම බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පැවැසීය.

වරාය අධිකාරියේ ක්‍රීඩා ඒකකය සමග සේව් ද ස්පෝර්ට්ස් ක්‍රීඩා සංවිධානය ඉදිරිපත් කළ 96 සමරමු වැඩසටහනේ සමාප්තියට එක් වෙමින් අමත්‍යවරයා මේ බව පැවැසීය.

“අද අනවශ්‍ය අතගැසීම් නිසා ක්‍රීඩකයින්ට මානසික වදයක් විදින්න සිද්ධවෙලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට අපේ ක්‍රකට් කණ්ඩායම දුර්වල වුණා. අද මුදල හැම තැනකදිම ඉදිරියට ඇවිල්ලා. ඇත්තටම 96දී මට මතක විදියට තරග මුදල් ලෙස අපිට ලැබුණේ ඩොලර් 30 000ක් විතර. ඩොලර් එකක් රුපියල් 70 ක් 80 වගේ ඇති ඒ කාලේ. අපි 14 දෙනා අතරෙම ඒක බෙදාගත්තා. ලොකු අදහසක් තිබුණේ නැහැ සල්ලි ගැන. ලොකුම වටිනාකම තිබුණේ ජයගැනීමයි. හොඳම උදාහරණය මගේ අතට චෙක් එක දුන්නා, කුසලානයත් දුන්නා. එතනදි මිනිසුන්ගේ ඇගේ හැප්පිලා මාව බිමට වැටුණා. ඒ වෙලාවේ මම අතඇරියේ කුසලානය නෙමෙයි. චෙක් එක”