FAST NEWS

24×7 Around the Globe

ඩිල්ෂාන්ගේ දැවී යාමෙන් පසු කෝපයට පත් මහේල කරපු වැඩේ මෙන්න.

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ කොදෙව් කණ්ඩායම සමග ඊයේ (20) පැවති තරගයේදී තිලකරත්න ඩිල්ෂාන්ගේ මතභේදාත්මක දැවීයාම සම්බන්ධයෙන් මහේල ජයවර්ධන අදහස් පළ කර තිබෙනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මහේල පවසන්නේ D. R. S හෙවත් විනිසුරු තීරණ අභියෝගයට ලක්කිරීමේ ක‍්‍රමවේදය පන්දුවාර විස්ස තරගවලටද යොදා ගැනීමට දැන් කාලය එලඹ ඇති බවයි.

ඩිල්ෂාන් ඊයේ (20) තරගයේදී ලකුණු 12කට දැවී ගියේ දකුණු අපි‍්‍රකානු විනිසුරු ජෝන් ක්ලෝත්ගේ දුර්වල තීරණයක් හමුවේයි.

කඩුල්ල මුවා කිරීමේ වරදට ඩිල්ෂාන් දැවී ගිය කී‍්‍රඩකයෙකු ලෙස නම් කළද පසු පුනරූපන දර්ශනවලින් ඔහු නොදැවුණු කී‍්‍රඩකයෙකු ලෙස තහවුරු වුණා. මෙම තරගයෙන් කඩුලු 07ක ජයක් හිමිකර ගත්තේ කොදෙව් කණ්ඩායමයි.

11100102_10209060575777883_1490536515_n 12476183_10209060575817884_755420305_n 12721740_10209060575857885_1500634004_n