FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා කණ්ඩායම එරෙහිව කොදෙව්වන්ට කඩුලු 07ක ජයක්.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට අදාළ ව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (20) පැවති තරගයෙන් කඩුලු 07 කින් ජය ගැනීමට කොදෙව් කණ්ඩායම සමත් වී තිබේ.

කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 122 ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දු වාර 18 යි පන්දු දෙකක දී කඩුලු 03 ක් පමණක් දැවී ලකුණු 127 ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කරනු ලැබී ය.

මේ අතර ඊයේ පැවති තවත් තරගයක දී ඇෆ්ගනිස්ථානය පරදවා ලකුණු 37 කින් ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.