FAST NEWS

24×7 Around the Globe

වසීම්ගේ දුරකථන දත්ත පරික්ෂාවට අවසර..

අබිරහස් ලෙස මියගිය රග්බි ක්‍රීඩක වසීම් තාජුඩින්ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමට අධිකරනය විසින් අවසර දී ඇත.

තාජුඩින්ගේ මරණය සිදු වූ ආකාරය පිළිබද ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පරීක්ෂණය ආරම්භ කර ඇත.

තාජුඩින්ගේ දුරකථනයට ලැබුණු ඇමතුම් සහ ගත් ඇමතුම් පිළිබද සොයා බැලීමට අවශ්‍ය බැවින් එහි දත්ත වාර්තා ලබා දෙන ලෙසට පෞද්ගලික දුරකථන සමාගමට නියෝගයක් නිකුත් කරන්න යැයි රහස් පොලිසිය විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමට මෙම නියෝගය ලබා දුන්නේ ය.