කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල්ගේ ප්‍රවේගකාරී පිතිකරණය හේතුවෙන් එංගලන්ත කණ්ඩායම පරදා තමන් සහභාගීවූ පළමු තරගයෙන් පහසු ජයක් ලැබීමට කොදෙව් කණ්ඩායම ඊයේ (16දා) සමත්විය.
එංගලන්ත කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 183 ක ඉලක්කය කඩුලු 4ක පමණක් දැවී පසුකර යාමට කොදෙව්වෝ සමත්වූහ.
සුපිරි පිතිහරඹයක නිරත වූ ක්‍රිස් ගේල් විස්සයි20 පිටියේ රැස්කළ තෙවැනි වේගවත්ම ශතකය රැස්කළේ පන්දු 47කිනි.
තරගයේදී ගේල් එල්ල කළ හයේ පහර 11ත් සමගින් ඔහු නවසීලන්තයේ බ්‍රෙන්ඩන් මැකලම් අබිබවා විස්සයි20 පිටියේ වැඩිම හයේ පහර ප්‍රමාණයක් වාර්තා කළ ක්‍රීඩකයා බවටද පත්විය.
ගේල් තරග 46කදී හයේ පහර 98ක් එල්ල කර තිබේ. මැකලම් තරග 71කදී හයේ පහර 91 ක් වාර්තා කර තිබේ.
එංගලන්ත කණ්ඩායම 182/6 (පන්දුවාර 20)
ජෝ රූට් 48 (පන්දු 36, 4×3, 6×2), ජෝස් බට්ලර් 30 (පන්දු 20,6×3), ඔයින් මෝගන් 27* (පන්දු 14, 4×1, 6×2), ඇලෙක්ස් හේල්ස් 28 (පන්දු 26, 4×4), ඇන්ඩ්‍රේ රසල් 36/2 (පන්දුවාර 4), ඩ්වේන් බ්‍රාවෝ 41/2 (පන්දුවාර 4)
කොදෙව් කණ්ඩායම
ක්‍රිස් ගේල් 101* (පන්දු 48, 4×5, 6×11), මාලන් සැමුවෙල්ස් 37 (පන්දු 27, 4×8), ඩේවිඩ් විලේ 33/4 (පන්දුවාර 3)අඩිල් රශීඩ් 20/1 (පන්දුවාර 2)