FAST NEWS

24×7 Around the Globe

දෙවන පුහුණු තරගය හා ලෝක කුසලානය ගැන ශ්‍රී ලංකා පුහුණුකරුගෙන් ප්‍රකාශයක්.

2016  විස්සයි විස්ස ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලියේ පෙර පහුණු තරග දෙකම ශ්‍රී ලංකාව පරාජයට පත් වුවද දෙවන පුහුණු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දැක්වු දක්ෂතා පිලිබදව තමා සැහිමකට පත්වන පුහුණුකරු ග්රෑම් ෆෝර්ඩ් මාධ්‍ය වෙත සඳහන් කළේය.
“අපිට දැන් අවස්ථාව තියනවා පසුගිය තරග අත්දැකීම් තුලින් ක්‍රීඩා කරන්න. ඩිල්ෂාන් ඉක්මනට දැවී ගියා, චන්දිමාල් සහ තිරිමාන්න හොදින් පන්දුවට පහර දුන්නා. මේවා අපි යහපත් දේවල් ලෙස දැකිය යුතු ”  බව ග්රෑම් ෆෝර්ඩ් සඳන් කරයි.
එමෙන්ම ලසිත් මාලිංග නැවත කණ්ඩායමට පැමිණීම සහ මැතිව්ස් නායකත්වය බාරගැනීම තුලින් ශ්‍රී ලංකාවට ලෝක කුසලානයේ ඉදිරියට ගමන් කිරීමේ අවස්ථාව විවර වී ඇති බව ඔහු වැඩි දුරටත් අවධාරණය කර සිටියි.