FAST NEWS

24×7 Around the Globe

ලසිත් මාලිංග විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවත් වීමේ තීරණයක !!!

ලෝක කුසලාන පන්දුවාර විස්සයි – 20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට අවශ්‍ය සියයට සියයක ශාරිරික යෝග්‍යතාවක් තමාට ඇතැයි නොසිතන බැවින් තමා වෙනුවට වෙනත් පන්දු යවන්නකු යෙදවීම සුදුසුයැයි සිතන බව ශ්‍රී ලංකා විස්සයි – 20 පිලේ හිටපු නායක ලසිත් මාලිංග ප්‍රකාශ කළේය.
ලසිත් මේ ප්‍රකාශය සිදුකර ඇත්තේ ඊයේ (14) ශ්‍රී පිල සමඟ එක්වීමට ඉන්දියාවට යාමට ස්වල්ප මොහොතකට පෙරදීය.
ලබන 17 වැනිදා ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන ශ්‍රී ලංකා පිලේ පළමු තරගයට ක්‍රීඩා කරන්නේද යන්න ඉදිරි දිනදෙකේදී පුහුණු කටයුතුවල නිරතවීමෙන් පසුව තීරණය කරන බවද ඔහු කියා සිටියේය.
‘මම සියයට සියයක් ශාරිරික යෝග්‍යතාව අතින් සුදුසු තලයක නෑ. එවැනි තත්ත්වයක් යටතේ ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට ඇති හැකියාව හෙට සහ අනිද්දා පුහුණුවීම්වල දී පන්දු යැවීමෙන් පසුව තීරණය කරනවා. ඊට පස්සේ මං වෙනුවට ආදේශක පන්දු යවන්නකු යොදවන්න ඉල්ලීමක් කරන්නයි මගේ අදහස. ආසියානු කුසලාන තරගාවලියේ පළමු තරගයට පමණක් ක්‍රීඩා කරලා කකුල කඩාගත්තු මාව ලෝක කුසලාන තරගාවලියට තෝරා ගැනීම එක අතකට ගැටලු සහගත තත්ත්වයක් උදාවීමක්.’
කෙසේවෙතත් ලෝක පූජිත පන්දු යවන්නකු ලෙස ලසිත් මාලිංග තරගාවලියට ක්‍රීඩා නොකළත් කණ්ඩායමේ රැඳී සිටීම ප්‍රතිවාදී කණ්ඩායම්වලට දැඩි පීඩනයක් ගෙන දෙන කාරණයක් වනු ඇතැයි ක්‍රිකට් විචාරකයෝ පවසති.