පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි පුහුණු තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 15 ක පරාජයක් ලැබීය.
පාකිස්තාන කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 157ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 142 පමණි.
තරගය කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් අද (14දා) පිටියේදී පැවැති අතර, මෙම පිටියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 10 වටයේ තරග දෙකකට සහභාගිවීමටත් නියමිතය.







