FAST NEWS

24×7 Around the Globe

සම්ප්‍රදායෙන් පිට ලෝක කුසලාන තෙරිම් ගැන අර්ජුනගෙන් ප්‍රකාශයක්.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තෝරා ගත් ආකාරය පිළිබඳව කණගාටුවට පත්වන බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.
යාපනය මධ්‍ය මහා විද්‍යාලය සහ යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය අතර පැවති  මහා ක්‍රිකට් තරඟයට ඊයේ (10දා) පෙරවරුවේ සහභාගීවෙමින් ඔහු මේ බව පැවැසීය.
“ලෝක කුසලාන තේරීම් ගැන මම කණගාටුවට පත්වෙනවා. රටේ සාමාන්‍යයෙන් සිද්ධ නොවෙන සම්ප්‍රදායක් අනුව මෙවර තේරීම් සිද්ධවෙලා තියෙනවා. නමුත් මේ අවස්ථාවේ අපි කළ යුත්තේ කණ්ඩායමට නැවත වරක් ලෝක කුසලානය ලංකාවට ගෙන එන්න වාසනාව ලැබේවා යැයි සුභ පතන්න.
ඉන්පසු අපිට පුළුවන් වෙයි සිදුවෙලා තියෙන වැරැද්ද මොකක්ද කියලා සොයාගන්න. මෙවැනි වැරදි ඉදිරියට නොවන්න වැඩ කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. ක්‍රීඩකයන්ට අසාධාරණයක් වීම සිදුනොවිය යුතු දෙයක්. ” යැයිද අමාත්‍යවරයා පැවැසීය.