FAST NEWS

24×7 Around the Globe

අපෙක්ෂා නොකල දෙයක් සිදුවුනේ – ලෝක කුසලානය අවසානය තෙක් රැඳෙනවා – මැතිව්ස්

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසාලන ක‍්‍රිකට් තරගාවලියේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තමන් වෙත හිමි වීම කිසිසේත් අපේක්ෂා නොකළ එකක් බව ඇන්ජලෝ මැතිව්ස් ඊයේ (09) මුම්බායිහිදී පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමීන් සඳහන් කර ඇත.
එසේම ඔහු මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයට අවසානය තෙක් නායකත්වයේ රැදෙන බව සඳහන් කර ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
අදාළ තනතුර භාරගන්නා ලෙස ක‍්‍රිකට් පරිපාලනය කළ හදිසි ඉල්ලීම ප‍්‍රතික්ෂේප කිරීමට තමන්ට හැකියාවක් නොතිබු නිසා තමන් නායකත්වය භාරගත් බව මෙහිදි  ඔහු අවධාරණය කර ඇත.
කෙසේ වෙතත් රට වෙනුවෙන් සිය උපරිම ශක්තියෙන් කණ්ඩායම මෙහෙයවීමට තමන් සූදානම් බව ද මැතිව්ස් මෙහිදී ප‍්‍රකාශ වැඩි දුරටත් සඳහන් කර තිබේ.
ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ පුහුණු තරගයක් අද (10)රාත‍්‍රියේ මුම්බායි හිදී පැවැත්වීමට නියමිතය.