FAST NEWS

24×7 Around the Globe

අර්ජුන කැබිනට්ටුවෙදි ජනපතිට දුන් ලිපි ගොනුවෙන් තිලංගට රතු එලියක්.

ක්‍රිකට් ආයතන සභාපති තිලංග සුමතිපාල මහතාට එල්ලවී ඇති චෝදනාවලට අදාළ ලිපිගොනුවක් ඊයේ(09දා) පැවැති කැබිනට් හමුවේදී අර්ජුන රණතුංග අමාත්‍යවරයා ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට බාරදී තිබේ.
මෙම චෝදනා සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, අමාත්‍ය අර්ජුන රණතුංග සහ තිලංග සුමතිපාල යන මහත්වරුන් කැඳවා සාකච්ඡාකරන බව මීට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබිණි.
එමෙන්ම මෙම චෝදනා සත්‍ය බව ඔප්පු වුවහොත් ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සම්බන්ධයෙන් තීරණයක් ගන්නාබවද මෙහිදී ප්‍රකාශවී තිබේ.