කොළඹ – තර්ස්ටන් විදුහලේ පිහිනුම් තටාකය තුළ තිබී පුද්ගල මළ සිරුරක් ඊයේ (03) උදෑසන සොයා ගත්තා.
මළ සිරුර පිහිනුම් තටාකයේ පාවෙමින් තිබියදී ප්‍රථමයෙන් දැක තිබෙන්නේ එම තටාකයේ පිරිසිදු කිරීම් කටයුතු කරන සේවකයෙකු විසින්.
කෙසේ වෙතත්, ඊයේ (03) දිනයේදී පිහිනුම් තටාකය දිනය පුරා වසා තිබුණු බවයි එහි සේවකයන් පැවසුවේ.
මෙලෙස මියගොස් ඇත්තේ මහරගම – නාවින්න රජමහ විහාර මාවතේ පදිංචි 50 හැවිරිදි එක්දරු පියෙකු වන ජේ.පී. පෙරේරා මහතායි.
ඔහු කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධීකාරී රුවන් ගුණසේකර පැවසුවේ ඔහු දිගු කලක සිට දියවැඩියා රෝගයෙන් පෙලී ඇති අතර, මීට ටික කලකට ඉහත දී තම බිරිඳගෙන් වෙන්ව ජීවත්ව ඇති බවට තොරතුරු අනාවරණ වූ බවයි.
මේ වන විට සිදුකර ඇති විමර්ශන වලදී අනාවරණය වී තිබෙන්නේ මියගිය ජේ.පී. පෙරේරා සියදිවි නසාගන්නට ඇති බවට බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අනාවරණය කළේ.








