FAST NEWS

24×7 Around the Globe

වාස් පරදා මෙන්ඩිස් ඕමානයට විස්සයි විස්ස ජයක් ගෙනෙයි.

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ තරගයකින් අයර්ලන්ත කණ්ඩායම කඩුලූ 2කින් පරාජයට පත්කිරිමට ඕමාන කණ්ඩායම ඊයේ(10) රාත‍්‍රියේ සමත් විය.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලූ 5ක් දැවී ලකුණු 154ක් රැස් කිරීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ  ඕමාන් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4ක් තුළ කඩුලූ 8ක් දැවී එම ඉලක්කය පසුකර යැමට සමත් විය.
ශ‍්‍රී ලංකාවේ හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු වන දුලිප් මෙන්ඩිස්  ඕමාන් කණ්ඩායමේ වත්මන් පුහුණුකරු වන අතර අයර්ලන්ත කණ්ඩායමේ විශේෂඥ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස චමින්ද වාස් කටයුතු කිරීම විශේෂත්වයකි.