FAST NEWS

24×7 Around the Globe

හිටපු තෙරිම් කමීටුව ඉවත් කිරීමට හේතුව තිලංග කියයි.

කපිල විජේවර්ධන ප්‍රමුඛ ක්‍රිකට් තේරීම් කමිටුව ඉවත් කිරීමට හේතුව වුණේ ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයෙන් ඉවත් කිරීම සහ ලෝක කුසලාන සංචිතයේ වෙනස්කම් සිදු කිරීමට ඔවුන් එකඟ නොවීම නිසා බව ක්‍රිකට් ආයතන සභාපති තිලංග සුමතිපාල මහත පවසා සිටියේය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (08) කොළඹ ක්‍රීඩා අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.