FAST NEWS

24×7 Around the Globe

මානව හිමීකම් නොගොස් නාමල් රාජපක්ෂ කෙලින්ම ඇතුලට යන්න සැරසෙයි.

රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන් සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය ඇතුලත පාර්ලිමේන්තු මන්ත‍්‍රි නාමල් රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගනු ඇති බව ආරංචි මාර්ග කියයි.
අදාල සිදුවීම සම්බන්ධව දුරකථන සංවාද විශාල ප‍්‍රමාණයක් විමර්ශනය කර ඇති බවත් නීති අංශවල උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුවනු ඇතැයිද වාර්තා වේ.
මේ අතර අත්අඩංගුවට ගැනීම වැලැක්වීමට මූලික මානව හිමිකම් පෙත්සමක් ඉදිරිපත් කරන්නැයි ඥතීන් විසින් මන්ත‍්‍රී නාමල් රාජපක්ෂට කර ඇති යෝජනාව ඔහු විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇති අතර එවැන්නක් උවමනා නැතැයිද ඔහු පවසා ඇත.