ශ්‍රී ලංකා කණ්ඩායම තුළ මෙතරම් විශාල වෙනසක් කළ යුතු වූයේ නම් එය කළ යුතුව තිබුණේ මීට වසර තුනකට හෝ හතරකට පමණ පෙර බව පවසන බංග්ලාදේශ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ලෝක කුසලාන තරගාවලියක් වැනි සුවිශේෂී වූ තරගාවලියක් අභියස කණ්ඩායම තුළ මේ ආකාරයේ විශාල වෙනසක් සිදුකිරීමෙන් යහපත් ප්‍රතිපල ලබා ගැනීමට ඇත්තේ අවම ඉඩකඩක් බව අවධාරණය කර සිටියි. මෙහි “ලොතරැයියක් ඇදෙන ආකාරයේ වේගයකින් නවක ක්‍රීඩකයන්ගෙන් දක්ෂතා බලාපොරොත්තු විය නොහැකි බවද ඒ මහතා සඳහන් කරයි.
”ඇත්තටම දැන් සිදු කරලා තියෙන විශාල වෙනස අපිට කරන්න තිබුණේ වසර තුනකට හෝ හතරකට කළින්. මම එහෙම කියන්නේ කණ්ඩායමට එකතු කරලා තියෙන නවක ක්‍රීඩකයන්ගේ හරි ප්‍රතිපල ලබාගන්න කාලයක් යන නිසා. ලොතරැයියක් ඇදෙනවා වගේ නවකයන්ගෙන් එක පාරටම දක්ෂතා බලාපොරොත්තු තබා ගන්න බැහැ ක්‍රිකට් ක්‍රීඩාවේදී. ඒක නිසා මම හිතන්නේ මේ තත්ත්වයෙන් ගොඩ එන්න කාලයක් යයි කියලා”යි හතුරුසිංහ මහතා පවසයි.
ඉහත අදහස් පළ කර සිටි හතුරුසිංහ මහතා ”වැරැද්ද වුණේ දැන් නොවෙයි. මීට වසර තුන හතරකට කලින්. අපේ සැලසුම්වල” යි ද පැවැසීය.
”ඇත්තම කියනවා නම් මේ තත්ත්වයට මුහුණ දෙන්න වෙනවා. කියන එක එහෙමත් නැත්නම් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් විශ්‍රාම ගන්නවා කියන එක අපි කල් තියාම දැනගෙන හිටිය දෙයක්. ඒත් අපි ඒකට කල්තියාම හරි සැලසුමක් තිබුණාද කියන එකයි මම දකින්නේ” යි හතුරුසිංහ මහතා පවසයි.
චන්දික හතුරුසිංහ මහතා ඉකුත් 2014 වසරේ සිට බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීමෙන් අනතුරුව මේ දක්වා වූ කාලසීමාවේදී කැපි පෙනෙන දක්ෂතා දක්වමින් ජයග්‍රහණ පිට ජයග්‍රහණ වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඉකුත් 2015 ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට මෙන්ම මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ පාකිස්තාන යන ප්‍රබල රටවල් පරදවා අවසන් මහ තරග වරම දිනා ගැනීමට බංග්ලාදේශ පිල සමත්ව සිටියි.
මේ අතර හිටපු ජ්‍යෙෂ්ඨයන් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර විශ්‍රාම යැමත් සමග ශ්‍රී ලංකා පිලේ කඩා වැටීමක් සිදුවී තිබිම ඉකුත් තරග සහභාගිත්වය කෙරෙහි බැලීමේදි පැහැදිලිවම දැක ගත හැකිය. ”දැන් සිදුකරගෙන යන්නේ කොයි වගේ වැඩපිළිවෙළක්ද කියලා කියන්න මම දන්නේ නැහැ. නමුත් අපිට තියෙන්නේ මෙතන ඉඳලා උඩට යන්නේ කොහොමද කියන එක ගැන අවධානය යොමු කරන්න. කොහොම වුණත් මේ තත්ත්වයෙන් ගොඩ ඒමට තව කාලයක් ඉවසන්න වේවි”යි සඳහන් කර සිටියේය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.