FAST NEWS

24×7 Around the Globe

චන්දිමාල් හා ඩිල්ෂාන්ගේ සුසංයෝගය පාකිස්තානය පැරදවීමට ප්‍රමාණවත් නොවෙයි.

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පකිස්ථානය සමග පැවැති තරඟයෙන්ද ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක් අත්කර ගැනීමට සිදුවිය.
ඊයේ (04) පැවති තරඟයේ  පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 150ක් ලබා ගැනීමට සමත් විය.
ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි තිලකරත්න ඩිල්ෂාන් නොදැවී ලකුණු 75ක් ලබාගත් අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 58ට දැවී ගියේය.
පකිස්ථානු ආරම්භක පිතිකරුවන් එම ඉලක්කයට සාර්ථක අඩිතාලමක් දමමින් මැදපෙළ පිතිකරුවන්ට ජයග්‍රහණයේ මාවත විවර කරදෙනු ලැබුවේ පන්දුවාර 19.2දී ඉලක්කය පහසුවෙන්ම ළඟා කර ගැනීමට හැකිවන පරිදිය.
පකිස්ථානය වෙනුවෙන් සෆ්රාස් අහමඩ් ලකුණු 38ක් හා උමාර් අක්මාල් වේගවත් ලකුණු 48ක් ලබා ගනිමින් කණ්ඩායමේ ජයග්‍රහණයට අඩිතාලම දැමීය.
ඒ අනූව ඔවුන් එම ඉලක්කය කඩුලු 4ක් පමණක් දැවී සපුරා ගැනීමට සමත් විය.
ලකුණු පුවරුව පහතින්…..
222222222222 11111111111111