FAST NEWS

24×7 Around the Globe

19න් පහල ක්‍රිකට් නායක අසංලංකට හා ලෝක කුසලානයට ගිය දෙදෙනෙකුට එරෙව විනය පියවර.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහල ක්‍රිකට් කණ්ඩයමේ නායක චරිත අසලංකට තරග දෙකක තහනමක් පනවන්නට පාසල් ක්‍රිකට් සංගමය අද (03) තීරණය කළේය.
පාසල් ක්‍රිකට් තරගාවලියේ රිච්මන්ඩ් – ශාන්ත තෝමස් තරගය අතර තුර විනය විරෝධී ලෙස විනිසුරු තීරණ වලට එරෙහිව අසෝබන ලෙස හැසීරීම හේතුවෙන් මෙම තහනම පනවා තිබේ .
එමෙන්ම  විනිසුරු තීරණ වලට එරෙහිව අසෝබන ලෙස හැසීරී මෙවර 19න් පහල ලෝක කුසලානය නියෝජන කල වනිදු හසරංගට තරග 3ක තහනමක්ද, අවිශ්ක ප්‍රනාන්දුට තරග 5ක තහනමක්ද පැනවීමට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය තීරණය කර ඇත.
පාසල් මට්ටමේ විනය ඉහල තත්වයක පවත්වා ගැනීමේ අරමුණෙන් මෙම තීරණය ගත් බව මේ පිලිබදව අදහස් දක්වමින් පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් ඩිල්ෂාන් ද සිල්වා ප්‍රකාශ කර සිටියේය.
එමෙන්ම මෙවැනි සිදුවීම් පාසල් ක්‍රිකට් පිටියෙන් වාර්තා වීම කණගාටුදායක බව ඔහු වැඩි දුරටත් පැවසීය.