එමිරේට්ස් එයාර්බස් A380 ජෙට් යානයක් විසින් නව වාර්තාවක් තබා ඇතැයි වාර්තා වේ.
මෙම යානය, වාණිජ ගුවන්යානයක් විසින් මෙතෙක් සිදුකරන ලද දීර්ඝතම ඍජු ගුවන්ගමන සිදුකර ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.
ඩුබායි සහ නවසීලන්තයේ ඕක්ලන්ඩ් ගුවන් තොටුපළ අතර සිදුවන මෙම ගුවන් ගමනේදී ආවරණය වන දුර ප්‍රමාණය කිලෝමීටර 14,200කි.
එය වැඩිම කාලයක් ගත වන සෘජු ගුවන්ගමන බවටද පත්වෙතැයි විශ්වාස කළද බලාපොරොත්තු වූවාට වඩා අඩු කාලයකින් ගුවන්ගමන නිම වී තිබේ. ඒ සඳහා එම යානයට ගතවී ඇති කාලය පැය 16 විනාඩි 24කි.







