ශී‍්‍ර ලංකාවේ හිටපු කි‍්‍රකට් සුපිරි ක්‍රීඩක දෙපළක් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන, ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව හමුවේ ශී‍්‍ර ලංකාව ලද පරාජය සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුම් මගින් සටහන් තබා තිබේ.
මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුමේ සටහනකින් පවසා ඇත්තේ තමන් ගත යුතු මග පිළිබඳ ශී‍්‍ර ලංකාව ඉදිරි සති 5ක කාලය තුළ දැඩි අවධානයකින් කටයුතු කළ යුතු බවත් එ සඳහා සාකච්ඡාවකට දැන් කාලය එළැඹ ඇති බවත්ය.
මේ අතර කුමාර් සංගක්කාර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ ඉතා හොඳ නම්‍යශීලී කණ්ඩායමක් වන ශී‍්‍ර ලංකාව ඉතා ඉක්මනින් යළි ජය මාවතට අවතීර්ණ වනු ඇති බවය. ඊට සැලකිය යුතු කාලයක් ගත වුවත් එ සම්බන්ධයෙන් සැකයක් නොමැති බව සංගක්කාර වැඩි දුරටත් අවධාරණය කර සිටියි.










