ආසියානු කුසලාන විස්සයි විස්ස තරඟාවලියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඊයේ (01) පැවැති තරඟය කඩුළු5කින් ජයග්‍රහණය ලබා ගැනීමට ඉන්දියාව සමත් විය.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 9ට ලකුණු 138 ක් ලබා ගත්හ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම කඩුළු 5ට ලකුණු 142ක් රැස්කරමින් සිය ජයග්‍රහාගි ඉලක්කයි සපුරාලිමට සමත් විය.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් චාමර කපුගෙදර ලකුණු 30ක්ද,මිලින්ද සිරිවර්ධන ලකුණු 22ක්ද,තිසර පෙරේරා පන්දු 6කදී වේගවත් ලකුණු 17 ක්ද ලබා ගැනිමට සමත් විය.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විාරාට් කෝලි නොදැවී ලකුණු 56 ක් ලබාගත්හ.
පන්දු යැවීමේදී ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් නුවන් කුලසේකර ලකුණු 21ට කඩුළු 2ක් බිඳ හෙළීමට සමත් විය.









