FAST NEWS

24×7 Around the Globe

මෛත්‍රී නිසා ගුවන් ගමනේ කලබලයක්?

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉකුත් දා ජර්මනියේ සිට ඔස්ට්‍රියාව බලා පිටත්ව ගියේ සාමාන්‍ය මගී ප්‍රවාහන ගුවන් යානයකිනි.

ගුවන් යානය ඔස්ට්‍රියාවට පැමිණි පසුව ගුවන් යානයේ කපිතාන්වරයා ගුවන් යානයේ සිටි මගීන්ට සිදු කළ දැනුම් දීමක් හේතුවෙන් යානයේ සිටි මගීන් එකවරම කලබලයට පත්වුණා.

කපිතාන්වරයා මගීන්ට පැවැසුවේ ගුවන් යානයේ රාජ්‍ය නායකයෙක් සිටින නිසා ඔහු යානයෙන් බසින තුරු අසුන්ගෙන සිටින ලෙසයි.

ඊට ප්‍රතිචාර දැක්වූ එක් මගියෙක් පැවසුවේ “ඇයි රාජ්‍ය නායකයෙක් මෙතැන ඉන්නවා නම් එයාට වෙනම ගුවන් යානයක් අරගෙන එන්න බැරි? ” යනුවෙනි.

මෙසේ මගීන් කලබලයට පත්ව සිටින විට එතැන සිටි ජනාධිපති විදෙස් මාධ්‍ය කටයුතු අධ්‍යක්ෂවරයා පිරිසට දැනුම් දුන්නේ “ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා තමයි මේ යානයේ ඉන්නේ. එතුමා ගමන් බිමන් යන්නේ සාමාන්‍ය මගී ප්‍රවාහන ගුවන් යානාවලින්.” බවයි.
එය ඇසූ මගීන් සන්සුන් වුණා. ඒ නිසා සාමාන්‍ය පන්තියේ සිටි ලංකාවේ නිලධාරීන්ට පළමුවෙන්ම ගුවන් යානයෙන් බැසීමටත් පිරිස ඉඩ ලබා දුන්නා.