FAST NEWS

24×7 Around the Globe

උඩවලවට ගුවන් යානාවක් කඩා වැටුණු කතාවේ ඇත්ත නැත්ත.

අද (29) උඩවලව, සංකපාල විහාරය ආසන්නයේ කන්දක කිසියම් යානයක් කඩා වැටි ගිනි ගනිමින් සිටින බව ප්‍රදේශවාසීන් පවසා සිටියා. එය හෙලිකොප්ටර් යානයක් බවයි ප්‍රදේශවාසීන් කියා සිටියේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වමින් ගුවන් හමුදාව පවසන්නේ තමන්ට අයත් කිසිදු යානයක් කඩා වැටි නොමැති බවයි.

ඊයේ සිට සංකපාල කඳු මුදුනේ ගුවන් හමුදා පුහුණුවක් තිබී ඇති බවත් ඒ දැක මිනිසුන් යානයක් කඩා වැටි ඇති බව පවසන බවත් ගුවන් හමුදාව සඳහන් කළා.