FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප නව ආසන සංවිධායකවරුන් ලැයිස්තුව මෙන්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් පත්කිරීම් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ සිදුකෙරිණි.

ජනාධිපති නිලනිවසේදී මෙම පත්වීම් සිදුකෙරුණු අතර එම අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා ද එක්ව සිටියහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයා ලෙසින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකළ නව පත්කිරීම් පහත දැක්වෙන පරිදි වේ.

ආසන සංවිධායකධූර පත්කිරීම්

කොළඹ දිස්ත්‍රික්කය

මහරගම – පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පෙරේරා
දෙහිවල – නීතිඥ කීර්ති උඩවත්ත
බටහිර කොළඹ – පළාත් සභා මන්ත්‍රී හෙක්ටර් ඛෙත්මගේ
කොළොන්නාව – කොටිකාවත්ත මුල්ලේරියා ප්‍රා.සභාවේ සභාපති ප්‍රසන්න ගුණසිංහ සෝලංගආරච්චි
අවිස්සාවේල්ල – සුමිත් විජයමුණි සොයිසා

ගම්පහ දිස්ත්‍රික්කය

මිනුවන්ගොඩ – රුවන් රණතුංග
මීරිගම(සම) – සංජය සිරිවර්ධන

කඑතර දිස්ත්‍රික්කය

පානදුර – අමාත්‍ය මහින්ද සමරසිංහ
අගලවත්ත – බස්නාහිර පළාත් සභා අමාත්‍ය රංජිත් සෝමවංශ
කඑතර (සම) – බස්නාහිර පළාත් සභා අමාත්‍ය සුමිත් ලාල් මෙන්ඩිස්
මාතර දිස්ත්‍රික්කය
මාතර – දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම පෙම්සිත් රාසපුත්‍ර

මහනුවර දිස්ත්‍රික්කය

හේවාහැට – අමාත්‍ය එස්.බී දිසානායක
සෙංකඩගල – පළාත් සභා මන්ත්‍රී තිළිණ බණ්ඩාර තෙන්නකෝන්
උඩුනුවර – මධ්‍යම පළාත් සභා මන්ත්‍රී මානෙල් බණ්ඩාර අබේරත්න
මහනුවර – මහින්ද අබේකෝන්
අකුරණ – මොහොමඩ් සම්සාන්

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
සේරුවිල – නලින් ගුණවර්ධන

දිස්ත්‍රික් සංවිධායකධූර පත්කිරීම්

කොළඹ දිස්ත්‍රික්කය – සුජීවා චන්ද්‍රසිරි
ගම්පහ දිස්ත්‍රික්කය – අංජු ශ්‍රී ෂාම් පෙරේරා
කඑතර දිස්ත්‍රික්කය – අසංක එදිරිවීර
ගාල්ල දිස්ත්‍රික්කය – පළාත් සභා මන්ත්‍රී චන්න සාලිය මෙන්ඩිස් / තිසර ගුණසිංහ
මාතර දිස්ත්‍රික්කය – පසද යාපා අබේවර්ධන / නලින් රණවීර

01 02